ඇරඹුමක්....
ඉසිඹුවක් නොවේ තව විඩා හරිනට නිතී
ඇරඹුමක් අත වනයි නිම්නයට දුර ඇතී
මල් තුහින පෙති ඉහින අහස් ගඟ දුක හිතී
පාට පාවඩ එලයි හැඟුමකට එති එතී
බලන් නිදි වැටී හිඳි තනිකමේ තටු ඇරී
දුරින් දුර පියාඹා හුදකලා දොස් හරී
ඇට මිදුළු විනිවිදව හැඟුම් සහසක් පිරී
හදේ හැම කවුළුවක පියන්පත් දිග හරී
දෝරෙ ගලනා සිහිල් චුම්බනය තොල් පෙතී
නෑර එකිනෙක කොමළ සුමුදු පහසක එතී
සිඳී දුක් කැටි අඳුරු අතීතය මත ඇතී
පහන් එළි තවරවයි දිවි තුරෙහි එති එතී
හදිසියෙම සඳ දුටුව සලිත කුමුදක් සරී
ReplyDeleteමුදු සරින් පිපී හිනැහෙන මලකි පෙති ඇරී
හැඟුමක්ය හද පතුලෙ නොකී කවියක් සරී
එමුදු නිම් නැති පෙමකි තවත් සඟවනු බැරී
මේ කුලක් සිසාරා නැගෙන සඳ කත් වැදී
සැලෙන නුබ ගැබ සරිය හද මලත් නැති නිදී
සුපිපි කුසුමක පැහැය දියවෙන්න ඉඩ නොදී
රකිමි පෙති තුල හොවා පෙමක් සඳ වන් රිදී.....
ස්තූතියි නංගි මේ පැත්තේ ඇවිත් ගියාට.. ඔයාගේ කවිය සැබෑම ලස්සනයි..
Deleteරාජ් මග පෙන්නුවේ මේ පැත්තට..
ReplyDeleteකවියක් පබැද පිළිතුරු දීමට නොහැකී මුත්...
නැවුම් සිතිවිලි රස කරන්නට ලොබ බදිමි මං...
දිගටම ලියමු...එනවා බලන්නට ඔබ...
ස්තූතියි ඔබට.. මේ අගය කිරීම මට ඉතාමත් වටිනවා..
Deleteහොඳ නිර්මාණයක්....නිවී සැනසිල්ලෙ පසුව ඔක්කොම පෝස්ට කියවනවා.
ReplyDeleteදිගටම ලියන්න, සුබ පැතුම්.....!
(කමෙන්ට් වැරිෆිකේෂන් අයින් කළොත් හොඳයි නේද....?)
ස්තූතියි සුමිත්..සියලු දෙනාගේම මේ වචන මට ඉතාමත් වටිනව.. මම බ්ලොග් කලාවට නවකයෙක්.. ඉතිං ටික ටික තවම හදාගෙන යනවා.
Delete(කමෙන්ට් වැරිෆිකේෂන් අයින් කරන්නේ කොහොමද?)
පිස්සු කොර ........ ලාවට කව්යක් දෙකක් ලියන්න පුළුවන් වුනාට මං කවියකින් උත්තර ලිව්වේ නැත්තේ ..... මේවත් එක්ක මං ලියන ඒවා ලගින්වත් තියන්න බැරි නිසා ........ උපරිමයි එමමයි
ReplyDeleteස්තූතියි ඔබට.. මාත් මුලින්ම කවි ලිවුවේ එහෙම තමයි.. දිගටම ලියනකොට කියවනකොට හරි යනවා.. අනෙක් දවසේ කවියකින්ම අදහස් පල කරන්න කියලා ඉල්ලා සිටිනවා..
Deleteකවි හැඟුම් අවදි වන සොඳුරු පදවැල් ගෙතී
ReplyDeleteරැඳි පියස සුවය දෙයි සිහිල් මඳ නල එතී
දළු ලන්න කවි හැඟුම් පැතුම් පතමින් බැතී
පබා සෙවනැල්ල වෙත මමත් එන්නම් නිතී
ප්‍රභා සෙවණැල්ල වෙත පැමිණි ඔබ හට තුති
Deleteමෙ සිවු පද කවි කමට දිරි සවිය දෙයි නිති
ලස්සණය... මරුය... සුපිරිය... හොඳම හොඳය...
ReplyDeleteආවේ මෙතනින් http://raj1st.blogspot.com ඒ නිසා එයාටත් පොඩි ස්තූතියක් කරන්න...
මේකට ෆලෝවර්ස් ලිස්ට් එකක් දාන්ට... නැත්නම් අපිට ආයෙ මේ සයිට් එක හොයාගන්න අමාරුයිනේ... [ Layout > Add a Gadget > Followers ]
මේකත් පොඩ්ඩක් ඩවුන්ලෝඩ් කරගෙන බලන්ට... කවි ලියද්දි ඕන වෙයි...
http://www.mediafire.com/?vqvaru33lcqvb46
ජය වේවා එහෙනම්...
මම බ්ලොග් කලාවට නවකයෙක්.. ඉතිං අඩු පාඩු බොහොමයක් ඇති. ගොඩාක් ස්තුතියි මගේ නිර්මාණ අගය කිරීම ගැන වගේම බ්ලොග් එක දියුණු කරගන්න අවශ්‍ය උපදෙස් ලබා දීම ගැනත්..
Deleteඇත්තටම මේ බ්ලොග් එක මම හැදුවා මිසක් කවුරුත් දැනන් හිටියේ නෑ මෙහෙම එකක් තියෙනවා කියලා.. අහම්බෙන් දවසක් රාජ්ට කිවුවේ මේ ගැන.. ඉතිං රාජ්ට ගොඩාක් ස්තුති වන්ත වෙන්න ඔනි මේ ගැන අනෙක් අයව දැනුවත් කලාට.. කාර්ය බහුලත්වය නිසාම පහුගිය ටිකේම මේ පෙත්තේ එන්න බැරි උනා.. මට පුදුම හිතුනා ගොඩක් කට්ටිය මේ පැත්තේ ඇවිත් ගිහින් තියෙන විත්තිය දැක්කහම..
sindilanka.blogspot.com
Deleteekathuwa.com
syndi.lankeeya.lk
hathmaluwa.org
lankablogs.org
geek.lk/blogreader
api-apita.blogspot.com
maathalangesindiya.blogspot.com
සින්ඩි වලට බ්ලොග් අඩවිය ඇතුලත් කරලා නැත්නම් මේ සින්ඩි වලට බ්ලොග් එක ඇතුලත් කරන්න පුලුවන්... එතකොට ඒ හරහාත් කියවන්න අය එනවනේ... තව සින්ඩි තියෙනවා... පොඩ්ඩක් හොයලා බලලා දාන්න... කමෙන්ට් වෙරිෆිකේෂනුත් අයින් කරලා දාන්න... කමෙන්ට් එක පබ්ලිෂ් කරන්න ගියාම අකුරු වගයක් ටයිප් කරන්න එන්නේ... අන්න ඒක... ඒක තිබුනම සමහර කට්ටිය කමෙන්ට් දාන්න වෙලා යන නිසා කමෙන්ට් නොදාම යනවා... සුභ දවසක්...
Edit Profile > Select blogs to display ගිහින් ඔයාගේ අර වැඩ කරන්නේ නැති බ්ලොග් එකක් Profile එකේ ඔයාගේ බ්ලොග් ලිස්ට් එකේ පෙන්නන්නේ... අන්න ඒකත් අයින් කරන්න පුලුවන්...
Deleteඩවුන්ලෝඩ් කරන්න දුන්න එක වෙන කෙනෙකුට ලියපු කමෙන්ට් එකක්... ඒක කියන්න අමතක වුණා... ඒකෙ අදාළ නොවන ඒවා අයින් කර ගන්න...
ReplyDeleteඇරඹු යුගය මගේ බ්ලොග් එක ජනවරියේ
ReplyDeleteරාජ් මිතුර දැම්ම කමෙන්ට් නෑනේ මග ඇරියේ
අද මා සිටින තැන වෙත ඔබ යයි මතු දිනයේ
එදිනට මැලි නොවෙන් ගැන වැනුමට රාජාගේ දිරියේ
බලං ගියහම රාජ් තරම් අළුත් එවුන්ට සපෝට් දුන්න එකෙක් නෑ. මටත් එහෙමයි. රාජ් ට දෙන්න තරම් ස්තුති වචන මගේ ශබ්දකෝෂෙ නම් නෑ.
Deleteඇත්තටම මේ බ්ලොග් එක මම හැදුවා මිසක් කවුරුත් දැනන් හිටියේ නෑ මෙහෙම එකක් තියෙනවා කියලා.. අහම්බෙන් දවසක් රාජ්ට කිවුවේ මේ ගැන.. ඉතිං රාජ්ට ගොඩාක් ස්තුති වන්ත වෙන්න ඔනි මේ ගැන අනෙක් අයව දැනුවත් කලාට.. කාර්ය බහුලත්වය නිසාම පහුගිය ටිකේම මේ පැත්තේ එන්න බැරි උනා.. මට පුදුම හිතුනා ගොඩක් කට්ටිය මේ පැත්තේ ඇවිත් ගිහින් තියෙන විත්තිය දැක්කහම..
Deleteඉතිං ස්තූතියි ඔබටත් මේ පැත්තේ ඇවිත් ගියාට..
රාජ් කිව්ව නිසා ආව. කවි හින්ද ගියා!
ReplyDeleteස්තූතියි ඔබටත් මේ පැත්තේ ඇවිත් ගියාට..
Delete