Wednesday, September 5, 2012

මා මිතුරු කවි සබඳ.....

 


 

ගොළුවෙන්න ඉඩ නොහැර
බිඳි බැඳුම් තත් අතර
කවි හිතට තනි රකින
මා මිතුරු කවි සබඳ.....

ප්රේමයේ නිද්රාව
වසඟයට ගත් සිතම
අමතකව ගිය නුඹෙන්
යදියි උණුසුම් ඇසුර…

වියෝගය රළ නගන
අතුරමිය නුඹ මතම
එතෙර කරවනුව මා 

වෙරළ වෙත නොපමාව…

2 comments:

  1. සඳැස් මෙන්ම නිසඳැස් ද අපූරුවට ලියන බව පෙනේ.... දිගටම ලියන්න, කියවලා රස විඳින්න අපි ඉන්නවා.

    රාජ් මහත්තය තමයි මේ පැත්තට එන්න කිව්වෙ....

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි දිරි ගැන්වීමට... මම බ්ලොග් කලාවට නවකයෙක්..ඉතිං මේ දිරිගැන්වීම මට ඉතාමත් වටිනවා.. ස්තුතියි ඔබට...

      මේ දිනවල තරමක් කාර්ය බහුල නිසාත් අන්තර්ජාලයට පිවිසිමට අවශ්ය පහසුකම් සතියේ දිනවල නොමැති නිසාත් රිප්ලයි කිරීමට පමා උනේ..

      Delete