Sunday, November 25, 2012

ඉකිබිඳිනවද කෞමදී ????


අවර සිඹ හිරු සැඟව යනතුරු මඟ බලා උන් සිත් දිදී
තඹර පෙති ගිලි දිය තලා මත සිසි උවන රූ රැස් අඳී
සුපුල් හද මත දිදුල පෙම විඳි අකල් වියොවක දුක රැඳී
සිනා පෙති යට කඳුළු සඟවා ඉකිබිඳිනවද කෞමදී  ????

1 comment:

  1. කෞමදී කියලා කියන්නෙ සඳට / සඳ එළියට වගේ කියලා හිතේ යාන්තම් තැම්පත්වෙලා තිබ්බා. ඉතින් ඒ ගැන වැඩි විස්තර හොයපුවාම දැක්කේ.. නොවැම්බර් මාසයේ යෙදෙන කාර්තික මාසයේ නැගෙන පුන්සඳ කෞමදී කියලා හඳුන්වනවා කියලා. ඇත්තෙන්ම මම හරි කැමතියි, කවියක යෙදෙන ඒ වගේ වචන / යෙදුම් වලින් අපිව ඒ ගැන තව තව හොයන්න පොළඹවන එකට.කවියේ මුල් දෙපදයත් එක්ක සහ නොවැම්බර් මාසයේ පොහෝ දිනට කිට්ටුව ලියලා තියන නිසා ඒ අදහසත් එක්ක කවිය අගේට ගැලපෙනවා.

    කවියේ අවසන් දෙපදය... ඒ හා සම්බන්ධ පුරාවෘතයක ප්‍රේමයක් ගැන (රධා ක්‍රිෂ්ණා?) හෝ මේ මාසය සම්බන්ධව ලියන්නාගේ අත්දැකීමක් ද? නැතිනම් වෙනින් දෙයක්ද කියන එක හරියටම පැහැදිලි නැහැ.

    එහෙම පැහැදිලි කිරීමක් කරනවා නම් වඩා අගය කරනවා.. මීට වඩා අකුරු ටිකක් ලොකු කලා නම් හොඳයි කියලත් හිතෙනවා.

    ReplyDelete