Monday, September 10, 2012

ගෝතමිය ඇය..





 

පුතුන් පණ රිසි සොයා ගෙන් ගෙට
අබ මිටක් යැදි ගෝතමිය ඇය
කලක් මතකයි මටත් හොඳටම
අපෙ ගෙදරටත් ඇවිත් ගිය වග

 
දිනෙක මහ මග හමුවීය ඇය
කඩමාළු ඇඳ බොහෝ තුටු ලෙස
කිරි සුදින් ඇඳි පුතුත් අරගෙන
ඇදුනු හැටි සිප් කිරි පොවන්නට

ඇට ගැසුනු ගත වේද පණ නල
හිතුණු වර නම් අනන්තය මට

මහා කළු ගල් තල තලා ඇය
යහන තැනවිය පුතුට නිදනට
 


දුටිමි ඈ පුතු උස්ව ගිය අද
කිරුළු දරමින් වියත් සබ මැද
දැනුණි සතුටක් සිහිව එදවස
සිතුණි ඇය ලොව දිනා ඇති වග

අනෝරාවකි ඒත් මංසල
පාළු නැත දන දුවති ඔබ මොබ

තෙමුණු සළු පිළි හනික ඇදගෙන
ලංව බැලුවෙමි කිමද වග තුග

ගලන රුහිරය ගලක වැදි හිස
දසත විසිරුණු දිරපු රෙදි’තර
පඬු ගැහී ගිය බිලිඳු ඇඳුමකි

ඇගේ තුරුලේ තවම වෙව්ලන


2 comments:

  1. ලිය නැති මුත් කිසි දිනක කවි
    ලිව්වෙමි මමත් මෙවනීම් කවි
    වීම ගැන අමතක මගේ මව් තුමී
    බලාපන් නග ගොසින් නොව මැලි

    http://awidda-paya.blogspot.com/2012/05/077.html

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම බලන්නම්... ස්තූතියි..

      Delete