Monday, September 10, 2012

අම්මලා...


 

ඇකය තුරුලට ඇදෙන නෙක සිදු පපා සෙනෙහස වැලඳ ගන්නී
ලෙහි හොවා සමසිතින් උනුහුම් ජීවිතේ උන් හට පුදන්නී
ඉකිබිඳින හඬ හො හෝ හඬ මැද වසා රැළි සිනහා නගන්නී
රැයද දහවල එකලෙසින් සිය දරුවෝ රකිමින් දිවි ගෙවන්නී


දරා සැඩ හිරු රශ්මි මත්තෙන් වලාකුලු මත නංවලා
සදෙව් ලොව වෙත දරුවෝ යවනට සියලු දුක් කඳ ඉවසලා
පලිඟු මුතු කැට කොරල් රත්මිණි ලොවට පුද දී සනසලා
අඳුරු දුක් කඳ වසා ලොවටම නිල්ල පෙන්වති අම්මලා

3 comments:

  1. ලස්සන කවි ටික!!!!!
    වැඩි වැඩියෙන් ලියන්න අදහස් පහල වේවා!!!

    ReplyDelete
  2. ස්තුතියි බොහෝමත්ම..

    ReplyDelete