
Friday, September 14, 2012
ඇරඹුමක්....
ඉසිඹුවක් නොවේ තව විඩා හරිනට නිතී
ඇරඹුමක් අත වනයි නිම්නයට දුර ඇතී
මල් තුහින පෙති ඉහින අහස් ගඟ දුක හිතී
පාට පාවඩ එලයි හැඟුමකට එති එතී
බලන් නිදි වැටී හිඳි තනිකමේ තටු ඇරී
දුරින් දුර පියාඹා හුදකලා දොස් හරී
ඇට මිදුළු විනිවිදව හැඟුම් සහසක් පිරී
හදේ හැම කවුළුවක පියන්පත් දිග හරී
දෝරෙ ගලනා සිහිල් චුම්බනය තොල් පෙතී
නෑර එකිනෙක කොමළ සුමුදු පහසක එතී
සිඳී දුක් කැටි අඳුරු අතීතය මත ඇතී
පහන් එළි තවරවයි දිවි තුරෙහි එති එතී
Monday, September 10, 2012
ගෝතමිය ඇය..
පුතුන් පණ රිසි සොයා ගෙන් ගෙට
අබ මිටක් යැදි ගෝතමිය ඇය
කලක් මතකයි මටත් හොඳටම
අපෙ ගෙදරටත් ඇවිත් ගිය වග
අබ මිටක් යැදි ගෝතමිය ඇය
කලක් මතකයි මටත් හොඳටම
අපෙ ගෙදරටත් ඇවිත් ගිය වග
දිනෙක මහ මග හමුවීය ඇය
කඩමාළු ඇඳ බොහෝ තුටු ලෙස
කිරි සුදින් ඇඳි පුතුත් අරගෙන
ඇදුනු හැටි සිප් කිරි පොවන්නට
ඇට ගැසුනු ගත වේද පණ නල
හිතුණු වර නම් අනන්තය මට
මහා කළු ගල් තල තලා ඇය
යහන තැනවිය පුතුට නිදනට
දුටිමි ඈ පුතු උස්ව ගිය අද
කඩමාළු ඇඳ බොහෝ තුටු ලෙස
කිරි සුදින් ඇඳි පුතුත් අරගෙන
ඇදුනු හැටි සිප් කිරි පොවන්නට
ඇට ගැසුනු ගත වේද පණ නල
හිතුණු වර නම් අනන්තය මට
මහා කළු ගල් තල තලා ඇය
යහන තැනවිය පුතුට නිදනට
දුටිමි ඈ පුතු උස්ව ගිය අද
කිරුළු දරමින් වියත් සබ මැද
දැනුණි සතුටක් සිහිව එදවස
සිතුණි ඇය ලොව දිනා ඇති වග
අනෝරාවකි ඒත් මංසල
පාළු නැත දන දුවති ඔබ මොබ
තෙමුණු සළු පිළි හනික ඇදගෙන
ලංව බැලුවෙමි කිමද වග තුග
ගලන රුහිරය ගලක වැදි හිස
දසත විසිරුණු දිරපු රෙදි’තර
පඬු ගැහී ගිය බිලිඳු ඇඳුමකි
ඇගේ තුරුලේ තවම වෙව්ලන
දැනුණි සතුටක් සිහිව එදවස
සිතුණි ඇය ලොව දිනා ඇති වග
අනෝරාවකි ඒත් මංසල
පාළු නැත දන දුවති ඔබ මොබ
තෙමුණු සළු පිළි හනික ඇදගෙන
ලංව බැලුවෙමි කිමද වග තුග
ගලන රුහිරය ගලක වැදි හිස
දසත විසිරුණු දිරපු රෙදි’තර
පඬු ගැහී ගිය බිලිඳු ඇඳුමකි
ඇගේ තුරුලේ තවම වෙව්ලන
අම්මලා...
ඇකය තුරුලට ඇදෙන නෙක සිදු පපා සෙනෙහස වැලඳ ගන්නී
ලෙහි හොවා සමසිතින් උනුහුම් ජීවිතේ උන් හට පුදන්නී
ඉකිබිඳින හඬ හො හෝ හඬ මැද වසා රැළි සිනහා නගන්නී
රැයද දහවල එකලෙසින් සිය දරුවෝ රකිමින් දිවි ගෙවන්නී
දරා සැඩ හිරු රශ්මි මත්තෙන් වලාකුලු මත නංවලා
සදෙව් ලොව වෙත දරුවෝ යවනට සියලු දුක් කඳ ඉවසලා
පලිඟු මුතු කැට කොරල් රත්මිණි ලොවට පුද දී සනසලා
අඳුරු දුක් කඳ වසා ලොවටම නිල්ල පෙන්වති අම්මලා
ලෙහි හොවා සමසිතින් උනුහුම් ජීවිතේ උන් හට පුදන්නී
ඉකිබිඳින හඬ හො හෝ හඬ මැද වසා රැළි සිනහා නගන්නී
රැයද දහවල එකලෙසින් සිය දරුවෝ රකිමින් දිවි ගෙවන්නී
දරා සැඩ හිරු රශ්මි මත්තෙන් වලාකුලු මත නංවලා
සදෙව් ලොව වෙත දරුවෝ යවනට සියලු දුක් කඳ ඉවසලා
පලිඟු මුතු කැට කොරල් රත්මිණි ලොවට පුද දී සනසලා
අඳුරු දුක් කඳ වසා ලොවටම නිල්ල පෙන්වති අම්මලා
මතක ඔලොගුව
ඈ, සියළු දෙන වෙහෙසව
දාදිය වගුරමින් දුවන සඳ
සෙමින් පිය මං කළාය...
වෙහෙස නොපෑවාය...
කර මත මහමෙරක් වූ ඔලොගුව සැහැල්ලු ලෙස
ඔසවා ගෙන ආවාය..
ගිමන් හැරියාය..
ඈ
හුදකලා මතක කණු
සෙමින් ස්පර්ශ කළාය..
එකින් එක විසිතුරු දෑ
ඔලොගුවෙන් පිටට ගෙන සිතින් සිම්බාය..
ඈ
මතක ඔලොගුව කරපින්නගෙන
පය ඉක්මන් කළාය...
දාදිය වගුරමින් දුවන සඳ
සෙමින් පිය මං කළාය...
වෙහෙස නොපෑවාය...
කර මත මහමෙරක් වූ ඔලොගුව සැහැල්ලු ලෙස
ඔසවා ගෙන ආවාය..
ගිමන් හැරියාය..
ඈ
හුදකලා මතක කණු
සෙමින් ස්පර්ශ කළාය..
එකින් එක විසිතුරු දෑ
ඔලොගුවෙන් පිටට ගෙන සිතින් සිම්බාය..
ඈ
මතක ඔලොගුව කරපින්නගෙන
පය ඉක්මන් කළාය...
නෙළුම් පෙති සිතක්
අහස් දිය හෝ වැව් දිය...
නෙළුම කිසිවකු නොතකන..
කිසිවකු නොරඳන...
අපූරු නෙළුම් පෙති වැනි සිතක්
මතු හෝ පතමිය...
නෙළුම කිසිවකු නොතකන..
කිසිවකු නොරඳන...
අපූරු නෙළුම් පෙති වැනි සිතක්
මතු හෝ පතමිය...
නිවුන් සොහොයුරන්...
Wednesday, September 5, 2012
අවසන් මොහොත
සිඳින මඩිනට නොහැකි ලෙස දිසි ලෙලෙන වෙස් ගෙන පියකරූ
පවන මඳ ඉසිඹුවක ඉඩ ලද දිලෙන දැල්ලක රෑ සිරෑ
මවයි ලෙලදෙන නොතිර ඉරියව් බිඳියි හද ඇඳි එ’පිළිරෑ
දිලෙන අද, හෙට නිමෙන මොහොතට ගනියි වෙස් සැඩ බියකරෑ
පවන මඳ ඉසිඹුවක ඉඩ ලද දිලෙන දැල්ලක රෑ සිරෑ
මවයි ලෙලදෙන නොතිර ඉරියව් බිඳියි හද ඇඳි එ’පිළිරෑ
දිලෙන අද, හෙට නිමෙන මොහොතට ගනියි වෙස් සැඩ බියකරෑ
පබවත්....
අඳුර සිඳ නුබ නැගුනු සඳකත්
රුවට නොතරම් සඳකි පබවත්
මාළිගාවක වසනු නොලදත්
සසර හුරුවට බැඳුනු පබවත්
කුස පුරන්නට අහර නොලදත්
ගත වසන්නට සේද නොලදත්
දුක් සුසුම් මිස සතුට නොමදත්
සසර හුරුවට බැඳුනු පබවත්
ගෙපැල වටකොට අඳුර රජයත්
ලෙඩට වැටි මව් ඇඳේ වැලපෙත්
සුරා සැල ලඟ පියා බීමත්
නෙළුම් කොළ යට රකුසො බමනත්
හද විලේ පස් පියුම් පිපුණත්
සෙනෙහසක සුව බලනු නොමදත්
රකුසු මුහුණට බැඳෙනු සිදුවෙත්
සසර හුරුවද අහෝ පබවත්
රුවට නොතරම් සඳකි පබවත්
මාළිගාවක වසනු නොලදත්
සසර හුරුවට බැඳුනු පබවත්
කුස පුරන්නට අහර නොලදත්
ගත වසන්නට සේද නොලදත්
දුක් සුසුම් මිස සතුට නොමදත්
සසර හුරුවට බැඳුනු පබවත්
ගෙපැල වටකොට අඳුර රජයත්
ලෙඩට වැටි මව් ඇඳේ වැලපෙත්
සුරා සැල ලඟ පියා බීමත්
නෙළුම් කොළ යට රකුසො බමනත්
හද විලේ පස් පියුම් පිපුණත්
සෙනෙහසක සුව බලනු නොමදත්
රකුසු මුහුණට බැඳෙනු සිදුවෙත්
සසර හුරුවද අහෝ පබවත්
මා මිතුරු කවි සබඳ.....
Tuesday, September 4, 2012
බලාපොරොත්තුව...
Subscribe to:
Posts (Atom)