Friday, November 30, 2012

නික්මෙමි ....


 



සඳ තරු නොපැතුවේ අහසම නුඹ හින්දා
නොදුටිමි අහස රළු බව නෙතු අඳ හින්දා
පැතුමන් පිරූ එදවස දුක වැඩි හන්දා
නික්මෙමි සබඳ මතකය නුඹ වෙත රන්දා
 
නොතිර වූ සසර පෙර එක මග යන්න ඇතී
එදවස පිරූ පෙරුමන් මදි වෙන්න ඇතී
නුඹ සිත් අහස වට වැස්සක් වෙන්න බැරී
නික්මෙමි සබඳ එබැවින් අද දුකක් නැතී
 


2 comments:

  1. ගොඩක් අය නිසඳැස් ලියන මේ කාලේ.. සඳැස් කවි ලියන එක ගොඩක් අගය කරනවා. හැම තැනදිම එළි සමය තියලා, දෙවෙනි කවියේ තුන්වැනි පේලියේ විතරක් ඒක මග ඇරලා... ඒ වගේම "යන්න ඇතී", "වෙන්න ඇතී" වගේ අවසන් වචන එක්ක "දුකක් නැතී" කියන තැන "දුකක්" යන වචනය රයිම් වෙන්නෙ නැහැ වගේ කියලා හිතෙනවා.

    කවි ලියන්න ගොඩාක් දක්ෂ කෙනෙක් කියලා පේන නිසා මේ ඉතාම සුලු දේවල් ටිකක් මම කිව්වේ.... ඒ ඇරෙන්න සම්පූර්න කවිය රසවිඳින්න එතරම් බධාවක් නැහැ ඒකෙන්..

    ReplyDelete
  2. රාජ් පාරක් පෙන්නලා තිබ්බා මේ පැත්තට. කවි ටික රස වින්දා..

    ReplyDelete